Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

එයාව දැකපු ගමන්ම මගේ හිතේ ආදරයක්‌ ඇතිවුණා

Upekha Nirmani

ආදරයට සීමා මායිම් නැහැ කියලා මම දැනගත්තේ ඔයාට ආදරේ කරන්න පටන් ගත්ත දවසෙ ඉදන්. මේ ආදරේ කොතනින් පටන් අරන් කොතනින් අහවර වෙනවද කියලා කව්රු හරි ඇහැව්වොත් දෙන්න තියෙන එකම එක උත්තරය හරිම සම්ප්‍රදායිකයි. සංසාරෙන් සංසාරෙට අරගෙන එන එකම අරුමය මේ ආදරේම තමයි තමයි.

උපේඛාගෙ ලෝකයට තිළිණගෙ ආදරය ලස්‌සන ආදර කතාව ආදර හැන්දැවට තිළිණ වුණ පිණි ඉහිරුණ රෝස මල් පොකුරක්‌ වුණා. ආදර හැන්දෑව රතු රෝසමලින් ගවසා ආදර කතාව හෙමි හෙමිහිට අපට පැවසූ යෞවනිය යන්න සැරසුණා. ඒත් හෙට දවසේ ලෝකයෙන් වසංකරලන්න බැරි ආදරබර රහසකුත් උපේඛාගෙයි තිළිණගෙයි ලෝකයට තිළිණ වී ඇති හැඩයි. නොකියූ කතාව ඇගේ අතැඟිලි අතර ගුලිව සැඟවෙන්නට හැර මම ඔවුන්ගේ ආදරයට ඉඩ දුන්නා.

උපේඛා පළමු පෙම ගැන මතකය සොයා යමුද?

පළමු ප්‍රේමය අහිමිවෙලා අවසන්නේ අපි දැන් හිමිවෙලා තියෙන ප්‍රේමය ගැන කතා කරමු.

උපේඛාගේ ලෝකයට මේ ආදරය තිළිණ වෙන්නෙ?

තිළිණව මට මුලින්ම හමුවෙන්නෙ මගේ යාළුවකුගේ යාළුවෙක්‌ විදහටයි. එදා ඔහු ආවේ මගේ යාළුවට උදව් කරන්න. එයාව දුටුව ගමන්ම මගේ හිතේ ආදරයක්‌ ඇතිවුණා. ඒ 2017 මාර්තු මාසයේ දවසක්‌. පස්‌සෙ කාලයක එයා කිව්වා මාත් එක්‌ක යාළුවෙන්න ලැබෙයි කියලා එයා කොහොමටවත් හිතුවෙ නැතිලු. කොහොම වුණත් අපි අතර තිබුණ පැහැදීම ඉක්‌මනින්ම ආදර ඇරයුම් දක්‌වා දුර දිග ගියා. අපි දැන හඳුනාගෙන මාසයක්‌ යද්දි තිළිණ මට ආදරය ප්‍රකාශ කළා. ඒ වෙද්දි මමත් ආදරය කරන්න පටන් අරන්නෙ. ඉතින් මම ආදර ඇරයුම පිළිගත්තා.

තිළිණ උපේඛාගේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්‌ද?

නැහැ. එයාගෙ ක්‍ෂේත්‍රය පරිගණක ක්‌ෂෙත්‍රයයි. එයා මෘදුකාංග ඉංජිනේරුවරයෙක්‌ හැබැයි මටත් වඩා සංගීතයට ආදරය කරන කෙනෙක්‌.

උපේඛාට පෙම් කරන උපේඛාව අගයන දහසක්‌ දෙනා අතරින් තිළිණටම හිත බැඳෙන්න හේතුව?

මම හෙව්වේ හොඳ කෙනෙක්‌. ඒ කියන්නෙ මනුස්‌සයන්ට ආදරය කරන හැමෝටම උදව් කරන්න පුළුවන් සුන්දර හිතක්‌ තියෙන කෙනෙක්‌. ඒ විතරක්‌ නෙවෙයි මිත්‍රශීලී පුද්ගලයෙක්‌. මම හෙව්ව ඒ ගතිගුණ හැම දෙයක්‌ම තිළිණ ළඟ තිබුණා. ඒ නිසාම දැක්‌ක දවසෙ ඉඳන්ම මම එයාට ආදරය කරන්න පටන් ගත්තා.

මේ ආදර කතාවට බාධක අවහිර ආවෙම නැතිද?

ම්… නැහැ. ඒ වෙත්දි අපේ ගෙදරින් මාව විවාහ කරල දෙන්න හොඳ කෙනෙක්‌ හොයමින් හිටියෙ. තිළිණව මුණගැහුන පළමු දවස්‌වල ඉඳන්ම මම ගෙදර අයත් එක්‌ක එයා ගැන කියලා තිබුණා මේ වගේ හොඳ කෙනෙක්‌ මට අඳුරගන්න ලැබුණා කියලා. පස්‌සෙ අපිට දෙමවුපියන්ගෙන් ආශිර්වාද ලැබුණා.

තිළිණව හමුවෙලා මාසයක්‌ යද්දි ඔහුගේ පෙම්වතිය වන උපේඛා…. මේ හමුවීමට වසරක්‌ ගෙවෙද්දි ඔහුගේ බිරිඳ බවටත් පත් වෙනවා?

ඔව් අපි ආදරය කරන්න පටන් අරන් අවුරුද්දක්‌ යද්දි අඹු සැමියන් බවටත් පත් වෙනවා. මොකද අපි ආදරය පටන් ගනිද්දි මගේ අක්‌කා විවාහ වෙන්න සූදානම් වෙලයි හිටියෙ. අපේ තාත්තට ආසාවක්‌ තිබුණා අක්‌කගෙයි මගේයි විවාහ උත්සව දෙකම එක දවසක ගන්න. ඉතින් තාත්තලගෙ ඒ ආසාවත් ඉටුකරමින් අපි 2018 ලස්‌සන මංගල උත්සවයක්‌ අරන් අක්‌කගෙයි මගෙයි විවාහයන් දෙකම එක දවසක සිදුකළා.

අද උපේඛාට තිළිණගේ ආදරය නිසා ලැබෙන ආලෝකය කොතරම්ද?

මම සංගීත ක්‍ෂේත්‍රයට ආපු දවසෙ ඉඳන් මගේ තාත්ත මාව කොතැනකටවත් තනියම යෑව්වේ නැහැ. විදේශ සංචාර වලදි පවා තාත්තා මාත් එක්‌ක ගියා. තාත්තා මට දුන්න රැකවරණය ඒ විදිහටම මට තිළිණගෙන් ලැබෙනවා. එයා කිසිම තැනක මාව තනියම යවන්නෙ නැහැ. නිරන්තරයෙන්ම මගේ ළඟින් ඉන්නවා.

එකිනෙකට වෙනස්‌ ක්‍ෂේත්‍ර දෙකකදි මේ විදිහට ළඟින් ඉන්න කාලය හොයා ගන්නෙ ආදරය නිසාමද?

එයාට වැඩ තියෙන්නෙ සතියෙ දවසවල මට ප්‍රසංග තියෙන්නෙ සති අන්තයේ ඒ නිසා අපි දෙන්නට කාලය ගැන ඒ තරම් ප්‍රශ්න නැහැ අනිත් කාරණය තිළිණ එයාගෙ දේවල් කැපකරල හරි මා වෙනුවෙනු ඉන්නවා.

තිළිණට තිළිණය වූ උපේඛා නම් තරුවක ආදරය ඔහු අගයන්නේ?

මට දැනෙනවා එයා මා ගැන ආඩම්බර වෙනවා කියලා. ප්‍රසංගයකදි ගීත ගායනා කරලා වේදිකාවෙන් පහළට බහිද්දි එයාගෙ මුහුණෙ ලොකු හිනාවක්‌ ඇඳිලා තියෙනවා මම දකිනවා.

තරුවක්‌ වන උපේඛාට බිරිඳකගේ වගකීම් අරුමයක්‌ද?

පහුගිය දවස්‌වල නම් අපි පදිංචිවෙලා හිටියෙ තිළිණගේ අම්මලගෙ ගෙදර. මේ දවස්‌වල අපේ ගෙදර ඇවිත් ඉන්නවා. අපිටම කියලා නිවසක්‌ හදමින් ඉන්නෙ. අපේ අලුත් ගෙදරදි දැනට වඩා මට ගෙදර වැඩවලට එයා වෙනුවෙන් කාලය වැය කරන්න සිදුවෙයි. තවමත් අපිට අම්මල උදව් කරනව අපේ වැඩ කරගන්න.

උපේඛාට ලැබුණ පළමු ආදර තිළිණය මතකයේ තියෙනවද?

ඔව් එයා මට ඉස්‌සරලාම දුන්නෙ සංගීත රෙකෝඩර් එකක්‌.

ජනප්‍රිය කෙනෙක්‌ අවාට පස්‌සෙ උපේඛාගෙ ආදරය පැතූ බොහෝ දෙනා?

එහෙම ආදරය කරපු අය ඉන්න ඇති හැබැයි තාත්තා මගේ ළඟින්ම හිටිය නිසා මට එහෙම යෝජනා නම් ආවේ නැහැ. ඒ නිසා රසිකයන්ගෙන් වත් ක්‍ෂේත්‍රයේ අයගෙන්වත් අනිසි විදිහේ බලපෑම් මට තිබිලා නැහැ කවදාවත්. ක්‍ෂේත්‍රයේ අය තාතත්ට ගරුකලා ඒ නිසා මට එවැනි බලපෑම් එන එක සිමා වුණා වෙන්න ඇති. කවුරුත් දැනගෙන හිටියෙ මම ගායිකාවක්‌ වුණාට මගේ පාඩුවේ ඉන්න කෙනෙක්‌ විදිහටයි. කවුරුත් ආදර යෝජනා ගෙනත් නැහැ.

 

1 Comment

1 Comment

  1. Nishadhi

    June 17, 2018 at 8:06 am

    Awww awww upeka😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − 11 =

To Top