Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Political

LTTE යළි හිස එසවිය යුතු බව විජයකලා යාපනයේදී කියයි

vijayakala maheswaran

දෙමළ ජනතාවට නිදහසේ ජීවත් වීම සදහා එල්.ටී.ටී.ඊ සංවිධානය යළි හිස එසවිය යුතු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය පවසනවා.

යාපනය ප්‍රදේශයේ ජුලි 2 සදුදා පැවැති උත්සවයක් අමතමින් විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය සදහන් කළේ දෙමළ ජනතාව මේ වන විට ප්‍රශ්න ගණනාවකට මුහුණ දී සිටින බවයි.

යුද්ධය නිමාවු 2009 වසරේ මැයි 18 දිනට පෙර දෙමළ ජනතාව ජීවත් වු ආකාරයට යළි ජීවත් වීමට අවශ්‍යනම් එල්.ටී.ටී.ඊ සංවිධානය තම කටයුතු නැවත ආරම්භ කළ යුතු බව දෙමළ ජනතාවගේ අපෙක්ෂාව බවද ඇය එහිදී සදහන් කර තිබෙනවා.

හය හැවැරදි පාසල් දැරියක් පසුගියදා යාපනයේදී මරා දැමීමේ සිද්ධිය සම්බන්දයෙන්ද අදහස් දක්වා ඇති අමාත්‍යවරිය වැඩි දුරටත් පවසා ඇත්තේ මේ වන විට උතුරේ කාන්තාවන් දැඩි දුෂ්කරතා වලට මුහුණ දී සිටින බවයි.

එවැනි ගැටලු නිරාකරණය කරගැනීම සදහා එල්.ටී.ටී.ඊ සංවිධානය යළි බිහි විය යුතු බව ඇය එහිදී වැඩි දුරටත් පවසා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 3 =

To Top