Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

යෙලෝ කලර් ගර්ල්ස් කෙනෙක්ද? බ්ලූ කලර් ගර්ල්ස් කෙනෙක්ද ඕනේ

yellow or blue color girl

කොළඹ නගරයේ තිබෙන සෑම තරු පන්තියේ හෝටලයකම පාහේ ස්පා මධ්‍යස්ථානයක් අනිවාර්යයෙන්ම තිබෙනු දැකිය හැකිය. කොළඹ තිබෙන අනෙකුත් ස්පා මධ්‍යස්ථාන මෙන් නොව තරු පන්තියේ හෝටල්වල තිබෙන ස්පා ආයතන සුඛෝපභෝගී මට්ටමින් තිබෙන බව නම් කිව හැකිය.

‘රිවිර මාධ්‍යවේදියාගේ සජීවී අත්දැකීම’ විශේෂාංගය තුළින් ඔබ වෙත අප මෙවර රැගෙන එන්නේ ලොකු ලොකු හෝටල්වල ස්පා නමින් සිදුකරන ගණිකා ජාවාරම පිළිබඳවය.

ලොකු ලොකු හෝටල්වල තිබෙන ස්පා ආයතනවල මෙරට තරුණියන් පමණක් නොව විදේශීය තරුණියන් රැසක්ද සේවය කරනු ලබයි. ඒ අතරින් චීන සහ තායිලන්ත රටවලින් පැමිණි සුරූපී තරුණියන් ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර, ඉන්දුනීසියාව, පිලිපීනය, උස්බෙකිස්තානය, රුසියාව, ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල තරුණියන්ද මෙම ලක්ෂරි ගණයට වැටෙන ස්පාවල පැය 24 පුරාම සේවයේ නිරත වෙති.

තරු හෝටල්වල තිබෙන ස්පාවල පහසුකම් සුඛෝපභෝගී සේම මිල ගණන්ද ඉතා අධික බව නම් කිව යුතුය. හොඳ හෝටලයකින් ස්පා කෙල්ලෙකුගේ පහස ලැබිමට නම් රුපියල් 5000 සිට රුපියල් 18000 දක්වා මුදලක් වැය කිරීමට සිදුවනු ඇත. එම මිල ගණන් හෝටලයෙන් හෝටලයට වෙනස්ය. බහුතරයක් හෝටල්වල මිල ගණන් සඳහන් කර ඇත්තේ ඇමෙරිකන් ඩොලර්වලිනි.

ලොකු ලොකු හෝටල්වල ස්පා නමින් සිදුකරන ගණිකා ජාවාරම සොයා මා, මිතුරකු සමග කොළඹ නගරයේ ප්‍රසිද්ධ තරු හෝටල කිහිපයකට ඇතුළු විය.
මාගේ මිතුරා කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පවත්වාගෙන ගිය ස්පා ආයතනයක කළමනාකරුවකු ලෙස කටයුතු කර තිබූ අයකු බැවින් මෙම තොරතුරු ඔහුගෙන් අනාවරණය කරගැනීම මා හට මහත් රුකුලක් විය.

අප පළමුව ගමන් කළේ ගාලු මුවදොර පිටිය ආසන්නයේ පිහිටි තරු පන්තියේ හෝටලයක් වෙතය. එම හෝටලයේ පහත මාලයේ තිබූ පිහිනුම් තටාකය ආසන්නයේ ස්පා මධ්‍යස්ථානය පිහිටා තිබුණේය.

ස්පා ආයතනයේ පිළිගැනීමේ කවුන්ටරයේ සිටි සුරූපී ළාබාල තරුණිය අපව පිළිගෙන ඇතුළත ශාලාවක් වෙත රැගෙන ගියේය. එම ස්ථානයේ සම්බාහනය කිරීමට සූදානමින් තරුණියන් 12 දෙනකු සිටියේය.

ඒ අතර මෙරට තරුණියන් දෙදෙනකු, ඉන්දුනීසියානු තරුණියන් සිව්දෙනකු, තායිලන්ත, චීන සහ පිලිපීන තරුණියන් දෙදෙනකු බැගින් එක පෙළට සිටගෙන සිටියහ.
එම තරුණියන් සියලු දෙනා මල් වැටුණු ඇඟට ඇලී තිබෙන කෙටි ඇඳුමකින් සැරසී සිටියහ. එතැන එක් පසෙක සිටි තරුණියන් හයදෙනකුගේ ඇඳුමෙහි පැහැය නිල් වූ අතර, අනෙකුත් තරුණියන් හයදෙනාගේ ඇඳුමෙහි පැහැය කහ විය.
පිළිගැනීමේ කවුන්ටරයේ සිටි තරුණිය අපව අමතා…

“කවුද සර් ඕනේ?”
මිතුරා සහ මා නිහඬව සිටියේය.
“යෙලෝ කලර් ගර්ල්ස් කෙනෙක්ද? බ්ලූ කලර් ගර්ල්ස් කෙනෙක්ද ඕනේ” ඇය නැවත විමසා සිටියාය. මාගේ මිතුරා එවිට කටහඬ අවදි කළේය.
“යෙලෝ කලර් කීයද? බ්ලූ කලර් කීයද?”
“යෙලෝ කලර් 6000යි. බ්ලූ කලර් 8000යි. බොඩිටු බොඩි මසාජ් එකක් ගන්නවා නම් තවත් 3000ක් ඇඩ් වෙනවා.”
“තව කට්ටිය ඉන්නවාද?”
“ඔව්. තව ගර්ල්ස්ලා පස්දෙනෙක් වැඩ. තව ටිකකින් ඉවර වෙයි.”
“ඒ අයත් බලලා සිලෙක්ට් කරන්නම්” මිතුරා දැනුම් දුන්නේය.
“ඕකේ සර්. වාඩිවෙලා ඉන්න” යැයි පැවසූ තරුණිය සිය අසුන වෙත යළි පියමැන්නාය.

නියමිත ආයුර්වේද ක්‍රමෝපායන්ට අනුකූලව පවත්වාගෙන යන ස්පා ආයතන තිබෙන තරු පන්තියේ හෝටල්ද කොළඹ නගරයේ පිහිටා ඇත. නමුත් බොහෝ හෝටල්වල ස්පා ආයතන මගින් සිදු කරනුයේ එහි සිටින තරුණියන් මුදලට අලෙවි කිරීමය. බොහෝ විට එම තරුණියන්ගේ ගැනුම්කරුවා වනුයේ විදේශිකයෙකි. මේ සියල්ල සිදුවනුයේ නීතියේ ඇස් වසා හොර රහසේය.

කොළඹ නගරයේ තිබෙන අනෙකුත් ස්පා ආයතනවලට මෙන් නොව මෙවැනි තරු පන්තියේ හෝටල්වල තිබෙන ස්පා ආයතනවලට ‍පොලිසියෙන් කිසිදු බාධාවක් නොවන හෙයින් රිසි සේ අදාළ ආයතන පවත්වාගෙන යාමට හෝටල් බලධාරීන්ට හැකිව තිබේ.

‍පොලිස් ඇසට වැලි ගසමින් ලොකු ලොකු හෝටල්වල ස්පා නමින් සිදුකරන ගණිකා ජාවාරම පැති කිහිපයක් ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට අපි කටයුතු කරන්නෙමු.

මෙම ජාවාරම නිදැල්‍ලේ කරගෙන යාමට හැකිව තිබෙන්නේ මෙවැනි ස්පා ආයතනවල සිටින හුරුබුහුටි ස්පා කෙල්ලන්ගේ පහස විඳීමට පැමිණෙන ප්‍රභූවරුන් ඇතුළු සමාජයේ ඉහළ යැයි කියන පිරිසගේ බලපෑම නිසාය. සමහර රජයේ නිලධාරීන් අයථා අයුරින් උපයන රුපියල් ලක්ෂ ගණන් මුදල් වැය කරන්නේ මෙවැනි ස්පා ආයතනවලට බව නොරහසකි.

තරු හෝටලයේ ස්පා කෙල්ලෝ සුද්දො සමග හෝටල් කාමරයට යවන හැටි ලබන සතියේ…

ඉෂාර රත්නකාර

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 3 =

To Top