Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

පාඩම් කරමින් සිටි15 හැවිරිදි දැරියට අත්වූ අවාසනාවන්ත ඉරණම

young girl with book sri lanka

කල්මුනේ බාලිකා විදුහලේ 10 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලැබූ 15 හැවිරිදි දැරියක්‌ තම නිවසේ පාඩම් කරමින් සිටියදී පෙරේදා (10 දා) මධ්‍යම රාත්‍රියේ විදුලිසර වැදී මියගොස්‌ ඇත.

කැකිරාව, හොරාපොල පදිංචි එස්‌. ෆාතිමා ඛාන් නමැති පාසල් දැරිය මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස්‌ ඇත.

පාසලේ නේවාසිකාගාරයේ සිට පාසල් ගොස්‌ ඇති දැරියට අසාධ්‍ය ලෙස ඩෙංගු උණ රෝගය වැළඳී ප්‍රතිකාර ලබා සුව වීමෙන් පසු තවදුරටත් විවේකයෙන් සිටීමට වෛද්‍යවරුන් දුන් උපදෙස්‌ අනුව දැනට මාස දෙකක පමණ කාලයක සිට හොරාපොල පිහිටි නිවසේ සිට විවේක ගනිමින් සිට ඇත.

ඇයගේ ශාරීරික ශක්‌තිය සතුටු දායක මට්‌ටමකට පැමිණීමෙන් පසු අතපසු වූ පාඩම්වලට අවධානය යොමු කරමින් සිටියදී මෙසේ මේසය මත තිබූ විදුලි පංකාවෙන් විදුලිය කාන්දු වී මෙලෙස විදුලිසර වැදී ඇති බව මූලික පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත.

අසාධ්‍ය තත්ත්වයෙන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමේදී ඇය මියගොස්‌ සිටියාය.

කැකිරාව ප්‍රදේශයේ පාසල් ගුරුවරියක්‌ වන මියගිය දැරියගේ මව වන අමානි ශිහාරා මහත්මිය සාක්‌ෂි දෙමින් කියා සිටියේ දැරිය පාඩම් කරන අවස්‌ථාවේ තමාද අසල අවදියෙන් සිටි බවත්, විදුලි පංකාවේ දිශානතිය වෙනස්‌ කිරීමට උත්සාහ දැරීමේදී දැරියට විදුලිසර වැදුණු බවත්ය.

පශ්චාත් මරණ පරීක්‌ෂණය දඹුල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එම්. මෙනගාන්ත් මහතා විසින් සිදුකරන ලදී.

ඉදිරිපත් වූ සාක්‌ෂි හා වෛද්‍ය වාර්තාව සැලකිල්ලට ගත් දඹුල්ල නාගරික හදිසි මරණ පරීක්‌ෂක ඩී. ඩබ්ලිව්. ඡේ. බණ්‌ඩාර මහතා විසින් විදුලිසර වැදීමෙන් සිදු වූ හදිසි මරණයක්‌ බවට නිගමනය කළේය.

කැකිරාව පොලිස්‌ ස්‌ථානාධිපති තිලක්‌ ගනේගොඩ මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ සැරයන් දිසානායක (52336) මහතා පශ්චාත් මරණ පරීක්‌ෂණ කටයුතුවල සාක්‌ෂි මෙහෙය විය.

දිවයින – 2017.10.12

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top