Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

Youtube මූලස්ථානයට වෙඩි

YouTube

ඇමෙරිකාවේ කැලිෆෝනියා  ප්‍රාන්තයේ Youtube මූලස්ථානය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

එම වෙඩි තැබීම සිදුකළ සැකකරු වයස අවුරුදු 39ක නසීම් අග්ඩාම් ලෙස මේ වෙන විට හඳුනාගෙන ඇතැයි විදේශ් මාධ්‍ය වාර්තා කරනවා.

ඇය විසින් එම සමාජ ජාලයට එකතු කළ වීඩියෝ සම්බන්ධයෙන් අදාළ සමාගම ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් කෝපයට පත්ව මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ.

ඇයගේ වීඩියෝ යම් පෙරීමකට ලක්කර ඇති බවටත්, ඒ නිසා ඉන් ඇයට උපයා ගැනීමට තිබූ මුදල් අඩුවීමත් යන කාරණා මෙම වෙඩි තැබීමේ මූලික කරුණු බව ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දෙනවා.

අඟහරුවාදා සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලැබූ අතර, අවසානයේදී ඇයද තමාට වෙඩි තබාගෙන ජීවිතයෙන් සමුගත්තා.

කෙසේ වෙතත්, ප්‍රහාරකයා ඔහු වෙඩි තැබූ පුද්ගලයන් හඳුනන්නේද යන්න මෙතෙක් පැහැදිලි නොමැති බව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලීසිය පවසනවා.


Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 3 =

To Top